සජිත්ට පක්ෂයේ විශේෂ බලයක් හිමිවෙයි | Colombocall සජිත්ට පක්ෂයේ විශේෂ බලයක් හිමිවෙයි - Colombocall

Hot News

සජිත්ට පක්ෂයේ විශේෂ බලයක් හිමිවෙයි



එළඹෙන මහ මැතිවරණය සඳහා ගොඩනගන නව සන්ධානයේ සියළු තීන්දු තීරණ ගැනීමේ බලය විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ලබාදීමට සන්ධානයේ පක්‍ෂ නායකයින් එකඟතාව පළ කර තිබෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු  කියා සිටියේ ඊයේ (02) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව නව සන්ධානයට අදාළ නීත්‍යනුකූල කටයුතු සිදුකිරීමේ බලය විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා වෙත පැවරෙනු ඇති. එමෙන්ම සෙසු පක්‍ෂ සමග සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමේ බලයද විපක්‍ෂ නායකවරයා වෙත පැවරීමටයි තීරණය කර ඇත්තේ.

එළඹෙන මහ මැතිවරණය සඳහා ගොඩනගන නව සන්ධානයේ නිලතල සම්බන්ධයෙන්ද ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා. එහිදී සන්ධානයේ පක්‍ෂ නායකයින් විසින් සිය ස්ථාවරය විපක්‍ෂ නායකවරයා වෙත දැනුම්දීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව එහි අවසන් තීරණය විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් අද (03) දිනයේ ප‍්‍රකාශයට පත් කරනු ඇති බවටයි ජ්‍යෙෂ්ඨ පක්‍ෂ නායකයෙකු  සඳහන් කළේ.