එයාබස් ගණුදෙනුව පසුපස රාජපක්ෂ පුතුන් දෙදෙනෙක් ! | Colombocall එයාබස් ගණුදෙනුව පසුපස රාජපක්ෂ පුතුන් දෙදෙනෙක් ! - Colombocall

Hot News

එයාබස් ගණුදෙනුව පසුපස රාජපක්ෂ පුතුන් දෙදෙනෙක් !




එයාර් බස් ගණුදෙනුවට චමල් රාජපක්ෂ මහතාගේ පුතුන් දෙදෙනා සම්බන්ධ බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසනවා.

මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ රහස් පොලිසියට කැඳවා ඇත්තේ ඔවුන් දෙදෙනා බවයි.

මේවන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේකර මහතාගේ බිරිඳ රුපියල් මිලියන තිහකට අධික මුදලක් සහෝදරයන් දෙදෙනෙකුගේ Sළ් ඇග්‍රෝ නම් සමාගමකට ලබා දී ඇති අතර අධිකරණයේදී හෙළි වූයේ එම සමාගමට නිශ්චිත ලිපිනයක් නොමැති බවයි.

එම සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් ප්‍රශ්න කර ඇති අතර අනෙක් සහෝදරයාව ඊයේ රහස් පොලිසියට කැඳවා තිබුණා.

එහෙත් ඔහු ඊයේ රහස් පොලිසිය මගහැර තිබෙනවා.

එම සහෝදරයන් දෙදෙනා චමල් රාජපක්ෂ මහතාගේ පුතුන් දෙදෙනා බවයි අසාද් සාලි මහතා සඳහන් කළේ.

මෙම ගණුදෙනුව පිළිබඳ සවිස්තරව දැනගැනීමට පහත සබැඳියට පිවිසෙන්න

https://bit.ly/2HGu93F