සැමි යුවළගේ මරණයට හේතුව මෙන්න ! | Colombocall සැමි යුවළගේ මරණයට හේතුව මෙන්න ! - Colombocall

Hot News

සැමි යුවළගේ මරණයට හේතුව මෙන්න !



මහරගම, නාවින්න, ශ්‍රී  දේවානන්ද පාරේ ව්‍යාපාරික ස්ථානයක උඩුමහලේ තිබී හමුවූ අඹු - සැමි යුවළගේ මරණයට හේතුව හිසට හා ගෙලට තියුණු ආයුධයකින් පහරදී සිදුකළ පුද්ගල ඝාතනයන් බවට, දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මෙසේ ඝාතනයට ලක්ව තිබුණේ මහරගම, නාවින්න, ශ්‍රී  දේවානන්ද පාරේ, අංක 5/1/ඒ හි පදිංචි වාද්දුවගේ ‍ෙදාන් මංජුල (40) හා ජයසිංහ ආරච්චිගේ සංජීවනී ප්‍රදීපිකා (39) නමැති අඹු සැමි යුවළක බව පොලිසිය කියයි.

සිද්ධිය වාර්තා වීමත් සමඟ නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය පැමිණ ස්ථානීය පරීක්‍ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා දේහයන් කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකරන ලෙසට පොලිසියට නියෝග කළාය. ඒ අනුව දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන වෛද්‍ය එස්. රවීන්ද්‍රන් හා ජනිත් දයානන්ද මහත්වරුන් විසින් පැය තුනකට ආසන්න කාලයකදී සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අඹු - සැමි යුවළගේ ගෙලට හා හිසට තියුණු ආයුධයකින් පහර දී සිදුකළ පුද්ගල ඝාතනයක් බවට අනාවරණය වූ බව පැවැසේ.

සිද්ධියට සම්බන්ධ කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය වූ  ස්ථානයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික ස්ථාන හතරක සේවකයන් හා ත්‍රිරෝද රථ රියැදුරන් ඇතුළු 15 දෙනකුගෙන් පමණ මේ වන විට ප්‍රශ්න කර ඇතැයිද පොලිසිය පවසයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගිය පුද්ගලයාට අයත් සුඛෝපභෝගී නිවෙසක් කෝටියකට උකස් කිරීම නිසා මුදලක් ණය වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පැවැසේ. මහරගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.