ත්‍රීරෝද රථ හිමියන්ට සුභ ආරංචි ගොඩක් ! | Colombocall ත්‍රීරෝද රථ හිමියන්ට සුභ ආරංචි ගොඩක් ! - Colombocall

Hot News

ත්‍රීරෝද රථ හිමියන්ට සුභ ආරංචි ගොඩක් !





ත්‍රිරෝද රථ සඳහා පනවා තිබූ නව නීති 57ක් ඉවත් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වනවා. ඒ අනුව මීට පෙර පනවා තිබූ නීති 67 න් 57ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර  නීති 10 ක් තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනවා.
ධාවනයේදී වෙනත් රියදුරන්ට සහ මගීන්ට මෙන්ම, මහජනතාවට ද අවහිරයක් නොවන ලෙස ත්‍රිරෝද රථවල අලංකරණය සඳහා සවි කරන උපාංග කිහිපයක් මේ අනුව, තහනමින් ඉවත් කිරීමට නියමිතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම ප්‍රකාශ කළේ අලංකරණ කටයුතු සිදුකරන ව්‍යාපාර වල පැවැත්ම පිලිබඳව ද අවධානය යොමුකරමින් එම නීති ඉවත් කිරීමට පියවර ගත් බවයි.