අම්මා දුවලා දෙන්නව පැරණිම වෘත්තියේ යොදවලා ! | Colombocall අම්මා දුවලා දෙන්නව පැරණිම වෘත්තියේ යොදවලා ! - Colombocall

Hot News

අම්මා දුවලා දෙන්නව පැරණිම වෘත්තියේ යොදවලා !




ආර්ථික අපහසුතා නිසා තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙද වුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදරු මවක් නාවලපිටිය පොලිසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවලපිටිය පොලිස් වසමට අයත් දොලොස්භාගේ ප්‍රදේශයේ පදිංචි සැකකාර මව විසින් තම 29 හැවිරිදි එක් දරු දියණිය  සහ අවුරුදු 24 වයසැති දියණිය ගණිකා වෘත්තියේ යොදවන බවට නාවලපිටිය පොලිසියේ කොට්ඨාශ දුෂණ මර්දන එක්කයේ නිලධාරින්ට ලද තොරතුරක් මත පොලිසියේ නිලධාරින් විසින් උපාය දුතයෙකු යොදවා මව සහ දියණියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ අනුව පොලිසිය විසින් සිදුකළ මුලික විමර්ෂන වලදී 24 හැවිරිදි දියණියද ගැබ්ගෙන ඇති බවත්, මව විසින් කාලයක් තිස්සේ පවුලේ තිබෙන ආර්ථික අපහසුතා මැද මෙම ජාවාරම සිදු කර ඇති බවත් අනාවරණය වි ඇති බවයි වාර්තා වුනේ.
අත්අඩංගුවට ගත් සැකකාරිනියන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.