කොරෝනා බවට සැකපිට තරුණියක් බදුල්ල මහරෝහලට !

කොරෝනා වෛරසය වැළඳුණු බවට සැකපිට මොණරාගල බුත්ගම ප්‍රදේශයේ තරුණියක් අද බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇත.
22 හැවිරිදි මෙම තරුණිය සති 2කට පෙර චීනය සිට මෙරටට පැමිණ ඇති බව වාර්තාකරු සඳහන් කළේ ය.
බුත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට මෙම තරුණිය අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර පසුව ඇයව බදුල්ල මහරෝහලට එවා තිබේ.