ප්‍රාඩෝ රථයකින් පැමිණි මැරයෙක් නොව නපුංසකයෙක් ! | Colombocall ප්‍රාඩෝ රථයකින් පැමිණි මැරයෙක් නොව නපුංසකයෙක් ! - Colombocall

Hot News

ප්‍රාඩෝ රථයකින් පැමිණි මැරයෙක් නොව නපුංසකයෙක් !



පසුගියදා තලවතුගොඩ grand monarch හෝටලයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැලියක් පැවැත්වුණේ පසුගිය ජනාධිපතිවරණයට සහයෝගය ලබා දුන් පාක්ෂිකයන්ට ස්තුතිය පුද කිරීම සඳහාය.

එම රැලියට මහරගම ආසනයේ එ.ජා.පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගි විය.
එම රැලිය අවසන් වීමෙන් පසු අප පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකාවන් පිරිසකට ඉතිහාසයේ කවදාවත් නොවු විරු අත්දැකීමකට මුහුණ දීමට සිදුවුවාය.

නිල් පැහැති ප්‍රාඩෝ රථයකින් පැමිණි මැරයෙක් නොව නපුංසකයෙක් එම කාන්තාවන්ට තර්ජනය කලේ රේණුකා සේනාරත්න මංත්‍රිතුමියට විරුද්ධව ක්‍රියා කලහොත් කටවල් කපන බවත්,⁣පක්ෂයේ රැස්වීම් වලට සහභාගි වුවහොත් ගෙවල්ද ගිනි තබනබවය.

එම සාමාජිකාවන් යනු අප පක්ෂයේ උන්නතියට විශාල කැපකිරීම් කල අයයි.එමෙන්ම 89 භීෂණ සමයේද ක්‍රියාකාරී ලෙස පක්ෂයේ දේශපාලනය කල අයයි.

පක්ෂයේ ලේකම් සහ නාගරික මංත්‍රිවරුන්ගේ තනි කැමැත්තට මෙම මංත්‍රි තුමියට නගර සභාවේ නියෝජනයක් ලබා දුන්නේ පක්ෂයේ බහුතර මතයට හිස නමන්නේ නැතුවය.
එම සිදුවීමෙන් පසුව පක්ෂයේ විශාල පිරිසක් පක්ෂය පිලිබඳව කලකිරීමට පත්වි ඇති අතර මහරගම පක්ෂයේ නායකයින්. නාගරික මංත්‍රිවරුන්ද නිහඬව සිටින තත්ත්වයක් උදා වී ඇත.

එයට හේතුව වනුයේ මෙම මංත්‍රීතුමියට විරුද්ධ වුවහොත් පක්ෂයේ ඉහළ නායකයන්ගෙන් (රනිල් පාර්ශවයෙන්)තමනට ලැබෙන වරප්‍රසාද අහිමි වේ යැයි සිතන නිසා යැයි අපට හැඟී යයි.
එවැනි පහත් තත්ත්වයට වැටි දේශපාලනය කිරීමට බිම් මට්ටමේ පාක්ෂිකයන් අකමැතිය.මන්දයත් ඔවුන් පක්ෂයේ වරප්‍රසාද වලට යට නොවන නිසාවෙනි.

පාක්ෂිකයන් වැඩි පිරිසකගේ අදහස වනුයේ මහජන නියෝජිතයන් මේ පිලිබදව නිසොල්මනේ සිටින්නේ නම් බිම් මට්ටමේ පාක්ෂිකයන් එකතු වි මේ සම්බන්ධයෙන් විරෝධතා දැක්විය යුතු බවයි.
නිහඬව සිටිමෙන් ⁣වනුයේ පනින රිලවුනට ඉනිමං බැඳිමක් වැනි දෙයක්ය.

පක්ෂය වෙනුවෙන් ජිවිත උගසට තබා සේවය කරන අයට කිසිත් නොවන අතර රනිල් පාර්ශවයේ ඉහල නායකයන්ට අවශ්‍ය දේ පමණක් සිදුවන අතර එයට අප විසින් දැන් සිටම වැට බැඳිය යුතුය.
මෙම තර්ජනයන්ට විරුද්ධව නිතීය ක්‍රියාත්මක විය යුතු අතර ඒ පිලිබදවත් පාක්ෂිකයන් දැඩි අවධානයකින් සිටින බවත්ය.

නිසි පියවරක් නොගතහොත් මහරගම ආසනයේ ක්‍රියාකාරීන් විශාල පිරිසකට අකමැත්තෙන් වුවද පක්ෂ දේශපාලනයට තිතතැබීමට සිදුවනු ඇත.
අප පාතාල නායකයන් දැක ඇති අතර ආශ්‍රය ද කර ඇත.එහෙත් මෙවැනි හිඟන වැඩ කරන කාන්තාවන්ට තර්ජනය කරන නපුංසකයන් දැක නැත.

මෙවැනි දේවල් වලින් කෙරෙනුයේ ඉතිරිව සිටින පාක්ෂිකයන්ද අහිමි කර ගැනිමකි.
⁣මෙවැනි දේවල් අනාගතයේදී සිදු නොවීමට වග බලා ගැනීම පක්ෂයේ නායකයන් , සහ මහරගම පලාත් සභා,නාගරික මංත්‍රිවරුන්ගේද අත්නොහැරිය යුතු වගකීමකි.
මෙවැනි දේවල් වලට සහයෝගය දක්වනු ලබන අයහට අප ඉදිරි මැතිවරණ වලදි පාඩමක් ඉගැන්වීමටද නොපසුබටවන්නේය.

උපුටා ගැනීම අශෝක ප්‍රනාන්දුගේ ෆේස්බුක් ගිණුමෙන්