දිවුලපිටිය විනාශයි ! දින 65 ට පස් ටිපර් 25000ක් | Colombocall දිවුලපිටිය විනාශයි ! දින 65 ට පස් ටිපර් 25000ක් - Colombocall

Hot News

දිවුලපිටිය විනාශයි ! දින 65 ට පස් ටිපර් 25000ක්



පක්ෂ විපක්ෂ දේශපාලකයන් විසින් ජාවාරමට සෘජුව සහ වක්‍රව සහය ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අනාගත ජල අවශ්‍ය තාවය පවතින්නේ 3% බව අප අවස්ථා ගණනකදී පෙන්වා දී ඇත. 
එහෙත් ජනතාව අතරින් ඒ ප්‍රශ්නය දැකපු කීදෙනෙක් දැනුවත් ද කියලා ප්‍රශ්නයක් ඇත. පසුගියදා මීගමුව කඩොලාන ප්‍රශ්නයේදී වනජීවී නිලධාරිනිය ගම්පහ තත්වය පැහැදිලි කරන ලදී මේ වනවිට ගම්පහ දිසාවටම දැඩි වියළි කාලගුණයක් පවතින අතර ඇතැම් ප්‍රදේශවල පානීය ජාල හිගයක් පවා ඇතිවී ඇත. 
මේ සියලු කරනා එලෙස පවත්නා මොහොතක ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පස් ජාවාරම ජයටම සිදුවෙමින් ඇත. ඒ පසුගිය රජය සමයේ නැවතී තිබුණු බට කැලේ කන්ද සහ ගල් වලේ පස් කන්ද නැවත සක්‍රිය වී ඇත.
මේ සම්බන්ධයෙන් අප කල සොයා බැලීමේදී මෙම තත්වය සතයක් බව තහවරු වන ලදී. පසුගිය ආණ්ඩුව සමයේ මෙරට මාධ්‍ය වලින් පස් ජාවාරමට එරෙහිව ලබාදුන් මාධ්‍ය අනුග්‍රහය සම්පුර්ණයෙන් නවතා තැබීම තුල මෙම ජාවාරම්කරුවන් ජයටම දිවුලපිටිය මහ පොලව හාරමින් ඇත පසුගිය වසරේ නොවැම්බර් 19 වෙනිදා නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පත්වීන් පසු මෙම වසරේ පෙබරවාරි මාසය වන විට දින 65 ට දිවුලපිටිය ප්‍රදේශයෙන් පස් කිවුබ් 25000 දහසක් ප්‍රවාහනය කර ඇත. ඒ අනුව දිනකට පස් ටිපර් දෙසීයකට අධික ප්‍රමාණයක් දිවුලපිටියෙන් පටවා දිස්ත්‍රිකයේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කරන බවට හෙළිවී ඇත.
දිවුලපිටිය ප්‍රදේශයේ මේ වන විටත් විශාල පරිමාණයේ පස් කදු දෙකක දිනපතා පස් කැපීම සිදුකරයි. ඒ බට කැ ලේ සහ ගලවල අසල පස් කදු දෙකය පසුගිය කාලය පුරාම නැවතී තිබුණු මෙම පස් කදු දෙක හදිසියේ සක්‍රිය වීම සම්බන්ධයෙන් දිවුලපිටියේ ජනතාව ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ නොකරන්නේ පස් වැලි මැටි ජාවාරම පිටුපස පවතින පාතාලය නිසාය. ඒ කෙසේ වෙතත් දිවුලපිටිය ප්‍රදේශයේ සිදුකරණ පරිසර විනාශය සම්බන්ධයෙන් කථා කල දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ඩයස් සමරනායක මහතා සදහන් කලේ මෙවන් අදහසකි.
දිවුලපිටිය කියන්නේ සරුසාර පසක් සහිත භූමියක් මේ භූමිය එදා ජනතාවට විශාල පලදාවක් ලැබුණු බිමක් දැනට අවුරුදු 20 පමණ ඉදලා මේ භූමියේ මහ පොලව නුහුලන තරමේ විනාශයක් තමයි වෙන්නේ. මා ඔයට මායිම්ව ඇති දිවුලපිටිය අතීතයේ ඉදලා වැදගත් ප්‍රදේශයක් හැබැයි පසුගිය වසර 20 තුළ දිවුලපිටිය පාලනය කල පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ ආශීර්වාදයෙන් මේ ජාවාරම් සිදු වෙනවා.
මෙම පස් සහ වැලි මැටි කැපීමේ ක්‍රමවෙදයක්‌ තියෙනවා ඒකට නීති තියෙනවා නිලධාරීන් නීතිය බල්ලට දලා වැඩකරපු නිසා දිවුලපිටියේ මහා පොලව ජනතාවට අහිමි වෙමින් පවතිනවා. ගම්පහ කියන්නේ මෙරට වැඩිම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කය ඒ ජනතාවගේ අනාගත ජල අවශ්‍යතාවය පවතින්නේ 3% යි මෙවැනි තත්වයක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ සරුසාර ප්‍රදේශයක් වන දිවුලපිටිය විනාශ කරන්නේ කවුද කියලා ගම්පහ මිනිස්සු දන්නවා.
පසුගිය කලේ නැවතිලා තිබුණු පස් ජාවාරම දැන් ජයටම සිදුවෙනවා. ආණ්ඩුව අරගෙන දින 60 පසුවෙනකොට දිවුලපිටියෙන් පස් ටිපර් 25000 ක් කපා අදින තැනට පත්වෙලා. ජනතාව මේවා ගැන කථා කරන්න බයයි. මේ පස් වැලි මැටි ජාවාරම නිසා ජීවිත් කීයක් නැති වුනාද..? ඒ නිසයි ජනතාව නිහඩ හැබැයි අපි මේ ගැන එදා වගේම අදත් කථා කරනවා හඩ නගනවා අපිට මොන බලපෑම් අවත ජනතාව වෙනුවෙන් කරන අරගලය පවා දෙන්නේ නැහැ දනයට බලයට නවෙන්නේ නැතිව මේ දිවුලපිටිය මහ පොලව රැකගැනීමේ අරගලය කරන්න සුදානම්.