පෙට්‍රල්, ඩීසල් හා දෙමුහුන් මෝටර් රථ 2035 වසරෙන් පසු අලෙවි කිරීම තහනම් ! | Colombocall පෙට්‍රල්, ඩීසල් හා දෙමුහුන් මෝටර් රථ 2035 වසරෙන් පසු අලෙවි කිරීම තහනම් ! - Colombocall

Hot News

පෙට්‍රල්, ඩීසල් හා දෙමුහුන් මෝටර් රථ 2035 වසරෙන් පසු අලෙවි කිරීම තහනම් !



පෙට්‍රල්, ඩීසල් හා දෙමුහුන් මෝටර් රථ 2035 වසරෙන් පසු බ්‍රිතාන්‍යයේ අලෙවි කිරීම තහනම් කිරීමට එරට රජය සැලසුම් කර ඇත.
එළඹෙන නොවැම්බර් මාසයේ බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවට අදාළ වැඩසටහනකට එක්වෙමින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා රජයේ මෙම ප්‍රතිපත්ති අනාවරණ කළේය.
මෙම තීරණයත් සමඟ විද්‍යුත් හෝ හයිඩ්‍රජන්වලින් බලගැන්වෙන රථවාහන මිලදී ගැනීමට ජනතාවට ක්‍රියාකළ යුතු වේ.
මෙම වසර පෘථිවියේ දේශගුණ වෙනස්වීම් අර්ථදක්වන වසරක් වනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙහිදී පැවසීය.
දේශගුණ විපර්යාසවලට එරෙහිව ගෝලීය වශයෙන් කටයුතු කිරීමේදී මෙම සමුළුව පැවැත්වීමට ලැබීම බ්‍රිතාන්‍යයට වැදගත් අවස්ථාවක් යැයි ඔහු ප්‍රකාශ කළේය.
2050 වසර වන විට කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා ක්‍රියාත්මක වන සැලසුම් මෙම වසර පුරා ක්‍රියාත්මක වන බවත් මේ සඳහා සියලු දෙනාට එක්වන ලෙසත් අගමැතිවරයා ඉල්ලා සිටියේය.
ස්කොට්ලන්තයේ ග්ලස්ගෝ නුවර පැවැත්වෙන මෙවර දේශගුණ සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික සමුළුවලින් එකකි