චීනයේ සිට පැමිණි 141 ක් නිවෙස් බලා පිටත් කරයි ! | Colombocall චීනයේ සිට පැමිණි 141 ක් නිවෙස් බලා පිටත් කරයි ! - Colombocall

Hot News

චීනයේ සිට පැමිණි 141 ක් නිවෙස් බලා පිටත් කරයි !




ඊයේ (01) සහ අද (02)  දිනයේ චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළට  ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 දෙනෙකු පැමිණ ඇති බවත්, ඔවුන් සියලු දෙනා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු විසින් පරීක්ෂා කර කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ නොමැති හෙයින් ඔවුන්ගේ  නිවෙස් වෙත පිටත් කර ඇති බවත් වාර්තා වනවා.
ඒ අනුව අද අලුයම 4.55 ට ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් මගීන් 63 ක් සහ අලුයම 5.40 ට  බෙයිජිං සිට පැමිණි යූ.එල්.- 869 දරණ ගුවන් යානයෙන් මගීන් 77 ක් මෙරටට පැමිණි ඇති අතර ඊයේ (01)  රාත්‍රී 8.45 එයා චයිනා ගුවන් සේවයට අයත් චෙංඩු සිට පැමිණි  සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් එක් අයෙකු ද ඇතුළුව  ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
එසේම මෙලෙස පැමිණි මගීන් අතර චීනයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ගොස් සිටි සිසුන් ද වන බවයි කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ.