රංජන් රාමනායකගේ හඬපට ජිනීවා යෑමේ අවධානමක් ! | Colombocall රංජන් රාමනායකගේ හඬපට ජිනීවා යෑමේ අවධානමක් ! - Colombocall

Hot News

රංජන් රාමනායකගේ හඬපට ජිනීවා යෑමේ අවධානමක් !






රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට මඟින් අනාවරණ වන කරුණු ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව භාවිත කිරිමේ අවධානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නලීන් ද ජයතිස්ස මන්ත්‍රීවරයා පවසනවා.
මෙම හඬපට බොහෝ දෙනෙක් පටු දේශපාලන වාසි සඳහා යොදා ගත්තද, මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ පෞද්ගලික වශයෙන් සිදුවන හානියට වඩා බරපතළ තත්ත්වයකට රට පත්වීම බවද ඔහු අවධාරණය කර සිටියා.
ස්විස්ටර්ලන්ත තානාපති නිලධාරිනියක් පැහැර ගෙන යෑමේ සිදුවීමක් වාර්තා වීමෙන්ද, ස්විස්ටර්ලන්ත රජය ලංකාවේ අධිකරණ කේෂ්ත්‍රය පිළිබඳ අවධානය යොමු කළ බවත් ස්විස්ටර්ලන්තය ප්‍රමුඛ යුරෝපා සංගමය ලංකාවේ අධිකරණ කේෂ්ත්‍රය පිළිබඳ සැකයක් ඇති කිරීම සඳහා යම් ප්‍රකාශයක් කර තිබීම අවාසියට කරුණක් බවයි ඔහු සඳහන් කළේ.
ඉදිරියේ පැවැත් වෙන ජීනිවා සමුළුවේ දී සාක්ෂි ලෙස මෙම හඬපට ඉදිරිපත් කළ හැකි බැවින් ලෝකය ඉදිරියේ ලංකාවට හෑල්ලුවට ලක්වන බවයි ඔහු අවධාරණය කළේ.