දුව මැරුණු දුකට අම්මා කරගත්තු දේ මෙන්න | Colombocall දුව මැරුණු දුකට අම්මා කරගත්තු දේ මෙන්න - Colombocall

Hot News

දුව මැරුණු දුකට අම්මා කරගත්තු දේ මෙන්න





17 හැවිරිදි  සිය දියණිය සියදිවි නසාගත් ශෝකය හේතුවෙන් සිරුරට ගිනි තබාගත් මවක් ඊයේ (11) යාපනය රෝහලේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය පවසනවා.
යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක්වු මහේශ්වරන් තපේශ්වරි නමැති කාන්තාවක් එලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතව සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මහේශ්වරන් කජානි නමැති  සිය17 හැවිරිදි දියණිය පසුගිය 08 වැනිදා ගෙල වැලලා ගෙන ජීවිතක්ෂයට පත්ව ඇති අතර අදාළ සිදුවීමෙන් ශෝකයට පත් මවද සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.
එහිදී බරපතල පිළිස්සුම් තුවාල ලැබූ ඇය රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.