ජීප් රිය පදවා ඇත්තේ ඇමති ! තරුණයකු මිය ගිය අනතුර ගැන අළුත් කතාවක් හෙළිවෙයි | Colombocall ජීප් රිය පදවා ඇත්තේ ඇමති ! තරුණයකු මිය ගිය අනතුර ගැන අළුත් කතාවක් හෙළිවෙයි - Colombocall

Hot News

ජීප් රිය පදවා ඇත්තේ ඇමති ! තරුණයකු මිය ගිය අනතුර ගැන අළුත් කතාවක් හෙළිවෙයි




කහටගස්දිගිලිය රන්පත්විල ප්‍රදේශයේදී එස්.එම් චන්ද්‍රසේනගේ සුඛෝපබෝගී රථයේ ගැටී  තරුණයකු මියයාමේ සිද්ධිය පිළිබඳ මේවන විට සමාජ කතිකාවතක් ඇතිව තිබෙනවා.

ඊට හේතුව වන්නේ රජයේ ප්‍රභලයින් නිසා නීතිය හමුවට නොගොස් හොරපාරෙන් මාරුවීමේ ක්‍රමවේදයක් ලංකාවේ  ක්‍රියාත්මක වීමයි.

මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරැ සොයා බැලීමේදී සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් පවසන්නේ මෙම අනතුර සිදුවන අවස්ථාවේ මෙම ජීප් රථය පදවාගෙන ගොස් ඇත්තේ අමාත්‍යවරයා බවයි.

අනතුර සිදුවූ පසු අමාත්‍යවරයා එම පීඩාවට පත් පිරිස රෝහලක් වෙත යොමු කිරීමක්වත් සිදු නොකර එතැනින් ඉවත්ව ගොස් ඇත්තේ පසු පසින් පැමිණි වෙනත් වාහනයකින් බවයි කියැවෙන්නේ.

නමුත් මෙම කරුණු මේවන තෙක් සමාජය හමුවේ අනාවරණය නොකර තිබෙන්නේ මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ පරීක්ෂණ සිදුවීම නිසාවෙනි.

කෙසේ නමුත් සිවිල් ආරක්ෂක නිළධාරියාගේ ජීවිතය මේ වන විටත් අහිමිවී තිබෙන අතර ඔහුගේ දියණිය සහ බිරිඳ බරපතල තත්වයෙන් පසුවනවා.

 ජනාධිපතිවරයා තම රථවාහන සීමා කරමින් ඉතා ඉවසිලිවන්තව ක්‍රියා කරන සමයක රජයට සම්බන්ධ අමාත්‍යවරුන් උදෙසා එල්ලවන මෙවන් රථවාහන චෝදනා නිසා රජයද අපහසුතාවයට පත්වන බව බොහෝදෙනාගේ මතයයි.

එම අනතුර අවස්ථාවේ ලබාගත් දර්ශන කිහිපයක් පහළින්