හොටෙල් කාමරයෙන් අල්ලාගත් ගුරා සිසුවියට යට ඇඳුම් අරන් දීලා ! | Colombocall හොටෙල් කාමරයෙන් අල්ලාගත් ගුරා සිසුවියට යට ඇඳුම් අරන් දීලා ! - Colombocall

Hot News

හොටෙල් කාමරයෙන් අල්ලාගත් ගුරා සිසුවියට යට ඇඳුම් අරන් දීලා !





පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු සමග නල්ලතන්නිය නගරයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බාහිර පන්ති ගුරුවරයා හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත‍්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. ඒ අනුව යළිත් එම නඩුව පෙබරවාරි 12 වැනිදා කැඳවීමටයි මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

සැකකරු අවුරුදු 16ක් වයසැති මෙවර අ.පො.ස සාපෙළ විභාගයට පෙනී සිටි පාසල් සිසුවියන් දෙදෙනකු සමග 03 වැනිදා රාතී‍්‍ර ශ‍්‍රී පාදස්ථානයේ සංචාරයක් සඳහා පැමිණ නල්ලතන්නියේ සිට ඟගුල තැන්න දක්වා ගොස් තමන්ට දැඩි වෙහෙස බවත්, මීට වඩා තමන්ට ඉහළට යෑමට නොහැකි බවත් පවසා තිබෙනවා.

පසුව සැකකාර ගුරුවරයා පාසල් සිසුවියන් දෙදෙනා ද සමග නල්ලතන්නිය නගරයට පැමිණ නල්ලතන්නිය පොලිසිය ඉදිරිපිට පිහිටි ලැගුම්හලකට ගොස් එහි කළමනාකාරවරයා හමු වී තමන් පියා සහ දියණියන් දෙදෙනා බව කළමනාකාරවරයාට පවසා එම ලැගුම්හලේ පසුදින වන තෙක් කාමරයක් කුළියට ගෙන එම කාමරයේ තිදෙනාම රැඳී සිට තිබුණා.

පසුව ඒ සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසියට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන පාසල් සිසුවියන් දෙදෙනා පොලිස් භාරයේ රඳවා ගත් බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප‍්‍රනාන්දු ප්‍රකාශ කළ අතර සැකකාර බාහිර පන්ති ගුරුවරයා වත්තේගම ප‍්‍රදේශයේ ඉංගී‍්‍රසි විෂය උගන්වන ගුරුවරයකු බවත්, ඔහු දේව මෙහෙයන් පවත්වන පූජකයකු වශයෙන් ද කටයුතු කරමින් සිටි අයකු බවත් නල්ලතන්නිය පොලිසිය ප්‍රකාශ කළා.

මේ අතර සැකකාර ගුරුවරයා මෙම පාසල් සිසුවියන් දෙදෙනා සමග මීට ප‍්‍රථම සීගිරිය නැරඹීමට ද ගොස් ඇති බවත් එම පාසල් සිසුවියන් දෙදෙනාගෙන් එක් සිසුවියකට සැකකරු විසින් නල්ලතන්නියට පැමිණීමට ප‍්‍රථම කාන්තා යට ඇඳුම් කිහිපයක් ද මිල දී ගෙන තිබූ බවත් පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණා.