ජපාන ආයෝජකයින් ලංකාවේ ආයෝජනයට කැමැත්ත පලකරයි | Colombocall ජපාන ආයෝජකයින් ලංකාවේ ආයෝජනයට කැමැත්ත පලකරයි - Colombocall

Hot News

ජපාන ආයෝජකයින් ලංකාවේ ආයෝජනයට කැමැත්ත පලකරයි



ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින් පිරිසක් අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා හමුව තිබේ. මෙම හමුවේදී ශ්‍රී ලංකාව තුළ සිදු කළ හැකි ආයෝජනයන් පිළිබදව සාකච්ඡා වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් වන 2030 වසර වන විට ශ්‍රී ලංකාව පුනර්ජනනීය බල ශක්තියෙන් සීයයට අසුවක් සපුරා ගැනීමේ ජාතික වැඩ සටහන සඳහා තාක්ෂණික මෙන්ම මුල්‍යමය සහයෝගයන් ලබාදීමට හැකියාව පවතින බව එම ආයෝජකයින් අග්‍රාමාත්‍යවරයාට සඳහන් කර තිබේ.
මෙම අවස්ථාවට ජපානයේ ඉහළ පෙලේ ව්‍යාපාරිකයෙකු වන ජයන්ත හෙට්ටිආරච්චි, කැලුම් ද අල්විස්, සාලින්ද පිංතු යන මහත්වරුන් ද එක් වූහ