ඇන්ජලෝ මැතිව්ස් නායකතවයට පත්වෙන ලකුණු !
සිම්බාබ්වේ තරග සංචාරයෙන් පසුව ශ්රී ලංකා 20 - 20 කණ්ඩායමේ නායකත්වය පිලිබඳව අවසන් තීරණයකට එළඹෙන බව ශ්රී ලංකා ක්රිකට් තේරිම් කමිටු සභාපති අසන්තාද මෙල් මහතා පවසනවා.
ඒ වත්මන් නායක ලසිත් මාලිංගගේ නායකත්වය පිළිබඳ ඇතිව තිබෙන ගැටලුකාරී තත්වය පිළිබඳ අදහස් දක්වමිනි.
ලසිත් මාලිංගට නායකත්වය අහිමි වූවොත් 20 - 20 කණ්ඩායමේ ස්ථානයක්ද ලබාදීම ගැටලු සහගත බව තේරීම් කමිටු සභාපතිවරයා මීට පෙර කියා තිබුණා.
මේ අතර 20 - 20 කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ලබාදීමේ සූදානමක් ඇතැයිද ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.ඒ දසුන් ශානක දක්ෂතා අතර නොසිටීම හේතුවෙන්.