පද්මිණී අත්අඩංගුවට ගන්න යැයි කොළඹ තාප්ප පිරෙන හැටි ! | Colombocall පද්මිණී අත්අඩංගුවට ගන්න යැයි කොළඹ තාප්ප පිරෙන හැටි ! - Colombocall

Hot News

පද්මිණී අත්අඩංගුවට ගන්න යැයි කොළඹ තාප්ප පිරෙන හැටි !




හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් කොළඹ සහ ආසන්න නගර ගණනාවක පෝස්ටර් අලවා තිබෙනවා.
තමන්ට උසස්වීමක් බලාපොරොත්තුවෙන් අධිකරණයේ විභාග වූ නඩුවල තීන්දු ලබා දුන් බවට ඇය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ සිදුකරන ලද දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් ජනතා අප්‍රසාදයට ප්‍රාත වුණා.
ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඇයගෙන් පැය තුනක පමණ කාලයක් තිස්සේ ප්‍රශ්න ප්‍රකාශ සටහන් කර ගත්තා.
ඇයට විරුද්ධව අධිකරණ සේවා කොමිසමට ද පැමිණිලි කිරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවට වාර්තා වනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නඩුවේද විනිසුරුවරිය ඇයයි.