ආණ්ඩුව ජනතාවට දෙන්නේ රංජන්ගේ හඬපට ආශ්වාදය විතරයි !
වත්මන් ආණ්ඩුව අද වනවිට ජනතාවට ලබාදී ඇත්තේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටවල ආස්වාදය පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා පවසයි.
ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
“ආණ්ඩුව ඇවිත් මාස 2යි, දෙනවා කියපු බඩු මල්ල නෑ. රජයේ සේවකයන්ගේ උත්සව දීමනාව නවත්තලා. තියෙන වරප්‍රසාද කප්පාදු කරනවා.
ජනාධිපතිවරණ වේදිකාවේ කතා කළ සියලු මාතෘකා පසක දමා මේ වන විට හඬ පට පස්සේ ගමන් ගන්න ආණ්ඩුව ජනතාවට ලබා දෙන්නේ රන්ජන්ගේ රෙකෝඩ්වල ආස්වාදය පමණක් බව ඒ මහතා සඳහන් කළේය.