කොළඹට පැමිණෙන සියලුම ජනතාව මුඛ ආවරණයක් පළඳින්න | Colombocall කොළඹට පැමිණෙන සියලුම ජනතාව මුඛ ආවරණයක් පළඳින්න - Colombocall

Hot News

කොළඹට පැමිණෙන සියලුම ජනතාව මුඛ ආවරණයක් පළඳින්න



කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කරනවා.
 චීන ජාතිකයන් විශාල පිරිසක් කොළඹ නගරයේ ගැවසෙන හේතුවෙන් තම තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම පියවර අනුමගමනය කරන ලෙස වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ සමඟ කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළඳින ලෙසත් වෛද්‍යවරයා සඳහන් කළා.
මේ අතර කොරෝනා වෛරස් රෝගයට ගොදුරුව ඇති බවට සැකපිට රෝහල් ගත කර තිබු රෝගීන් සිව්දෙනාගේ රුධිර සාම්පල් පරීක්ෂණයේදී එම රෝගීන්ට සැක කළ වෛරස් රෝගය ආසාධිත වී නොමැති බවට තහවුරු වූ බව බොරැල්ලේ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනය සඳහන් කර සිටිනවා.
වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරේ එම රෝගීන් සිව්දෙනාට වෙනත් කිසිඳු බරපතල ගණයේ වෛරස් රෝගයක් ආසාධිත වී නොමැති බවයි