විවාහක රූ රැජිණ පැයක් රස්තියාදු කිරීම නිසා අධ්යක්ෂකවරිය ගෙදර !
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂක ජෙනරාල් චාන්දනී වරාපිටිය මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවනවා.
ඒ ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජුරි ශ්රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට පැමිණි අවස්ථාවේදී ඇයව පැයකට ආසන්න කාලයක් බලා සිටීමට වීමේ සිද්ධියට පසුවයි.
මේ සිදුවීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂක ජෙනරාල් චාන්දනී වරාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්.