තවම මේ රටට ආරක්ෂක ඇමතිවරයෙක් නෑ ! විජිත හේරත් | Colombocall තවම මේ රටට ආරක්ෂක ඇමතිවරයෙක් නෑ ! විජිත හේරත් - Colombocall

Hot News

තවම මේ රටට ආරක්ෂක ඇමතිවරයෙක් නෑ ! විජිත හේරත්



රටේ ආරක්ෂක ඇමැතිවරයා කවුරුන්ද යන්න වහා ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරන ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයා ඊයේ (22 වැනිදා) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
අගමැති මහින්ද රාජපක්ෂ රටේ ආරක්ෂක ඇමැතිවරයා බව මෙහිදී සුමේධා ජී. ජයසේන මන්ත්‍රීවරිය විසින් කළ ප්‍රකාශයකට පසුව විජිත හේරත් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
විජිත හේරත් – මේ වන තුරු රටේ ආරක්ෂක ඇමැතිවරයෙක් නෑ. ඒක අගමැතිතුමාට පවරල තියෙනවද?
සුමේධා ජී. ජයසේන – ආරක්ෂක ඇමැතිකම අගමැතිතුමාට පවරලා තියෙනවා.
විජිත හේරත් – කැබිනට් ආරක්ෂක ඇමැති මහින්ද රාජපක්ෂ අගමැතිතුමාද?
සුමේධා ජී. ජයසේන – ඔව්. තවත් අමාත්‍යාංශ කීපයක් එක්ක පවරලා තියෙනවා.
විජිත හේරත් – මුලසුනේ මන්ත්‍ර්‍රීතුමනි මා දැනගන්න කැමැතියි මේක ආණ්ඩුවේ නිල ප්‍රකාශයද? ඒක හරිද ? කැබිනට් ආරක්ෂක ඇමැති මහින්ද රාජපක්ෂද කියලා.
මේක තමයි රටේ විහිළුකාරී තත්ත්වය. මෙතුමිය දන්නෙත් නෑ තවම ආරක්ෂක ඇමැතිවරයා කවුද කියලා. අපිත් දැක්කා දිව්රුම් දෙන දවසේ මහින්ද රාජපක්ෂට ආරක්ෂක ඇමැතිකම තිබෙන බව ප්‍රකාශ කළා. ඒත් මේ දක්වා ආරක්ෂක ඇමැති ධුරය මහින්ද රාජපක්ෂට ගැසට් කරලා නෑ. ආරක්ෂක ඇමැතිවරයෙක් නෑ. ආණ්ඩුව කිව යුතුයි කවුද ආරක්ෂක ඇමැති.
දහනවවැනි ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට බැහැ ආරක්ෂක ඇමැතිධුරය දරන්න. ආරක්ෂක ලේකම්වරයෙක් පත්වන්නේ කොහොමද ඇමැතිවරයෙක් නොමැතිව. ඒක විය නොහැකි දෙයක්. ඇයි මහින්ද රාජපක්ෂට ආරක්ෂක ඇමැතිධුරය දෙන්නේ නැත්තේ. ප්‍රශ්නයක්ද? සැකයක්ද? යුද්දෙදී මහින්ද රාජපක්ෂ ආරක්ෂ ඇමැති දැන් ආරක්ෂක ඇමැතිධුරය හිමිව තිබෙන්නේ කැබිනට් එකට වගකියන්න ආරක්ෂක ඇමැතිවරයෙක් නෑ
නමුත් අද (23) පවතී කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ආරක්ෂාව පිළබඳව සුදුසුකම් ඇති පුද්ගලයෙකු පත්කර ඇති හෙයින් ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නොමැති බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.