චන්දික හතුරුසිංහ මිලියන පහක් වන්දි ඉල්ලයි | Colombocall චන්දික හතුරුසිංහ මිලියන පහක් වන්දි ඉල්ලයි - Colombocall

Hot News

චන්දික හතුරුසිංහ මිලියන පහක් වන්දි ඉල්ලයි







චන්දික හතුරුසිංහ මහතා තමා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති ගිවිසුම නීතිවිරෝධී ආකාරයෙන් අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 වන්දි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර තිබේ.
පසුගිය ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ පුහුණුකාරිත්වයට පත් කරන ලද චන්දික හතුරුසිංහ මහතාගෙන් බලාපොරොත්තු වූ සේවය ජාතික ක්‍රිකට් කණ්ඩායමට නොලැබුන බව සඳහන් කරමින් ඔහුව පසුගිය දා එම තනතුරින් ඉවත් කරන ලදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහව එම ධුරයෙන් ඉවත් කරමින් මේ වන විට මීට පෙර පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු වූ එම කණ්ඩායම ලෝක කුසලානයේ ඉදිරියට ගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් එම පකිස්ථාන ක්‍රිකට් ආයතනය ඉවත් කරන ලද මීකී ආතර් මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.