වික්‍රමසිංහගේ හිතවතුන් නිසා සජිත්ගේ ගමනට භාදා මතුවෙන හැටි මෙන්න !
විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත්වුවද විපක්ෂ නායක කාර්යාලයේ සිටින නිලධාරීන් අතරින් බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පාර්ශවයන් බැවින් එම කාර්යාලයේ කටයුතු වල රහසත්යභාවය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙන බව වාර්තා වනවා.
විපක්ෂ නායකවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉතා දීර්ඝ කාලයක් සේවය කර ඇති බැවින් එම කාර්යාලයේ සේවය කරන බහුතරයක් නිලධාරීන් රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා සමීපව ක්‍රියාකරනු ලබයි.
මෙම තත්වය යටතේ සජිත් ප්‍රේමදාස මහතාට සිය කටයුතු කරගෙන යාමේදී යම් යම් බාධා ඇතිවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.