සරණ ගුණවර්ධනට වසර තුනක සිරදඬුවම නියම කිරීමෙන් පසු ඇප ලැබෙයි !
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
කොළඹ මහාධිකරණයට ඇප අයැදුම්පත්‍රයක් ඉදිරිපත් කිරිම හේතුවෙන් මෙලෙස ඔහුට ඇප ලබා දී ඇති බව සඳහන්.
මහජන මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට අද (7) උදෑසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වසර තුනක සිරදඬුවමක් නියම කෙරැණා.
ඒ අනුව රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත සරණ ගුණවර්ධන මහතා මුදා හැර තිබෙනවා.