මහින්දට මම කෘතාධිකාරී මණ්ඩලේ රෙකෝඩ් අහන්න දුන්නෙ නෑ ! | Colombocall මහින්දට මම කෘතාධිකාරී මණ්ඩලේ රෙකෝඩ් අහන්න දුන්නෙ නෑ ! - Colombocall

Hot News

මහින්දට මම කෘතාධිකාරී මණ්ඩලේ රෙකෝඩ් අහන්න දුන්නෙ නෑ !






එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡාවක් දුරකතනය මගින් රහසිගතව ශ‍්‍රවණය කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට අවස්ථාව ලබාදුන්නේ යැයි තමන්ට කෙරෙන චෝදනා පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන ප‍්‍රතික්‍ෂේප කරනවා.

මෙමඟින් මහින්ද රාජපක්ෂ මහතාටද අසාධාරණයක් සිදුවන පෙන්වා දෙන ඔහු කියා සිටියා.

තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා “මම සම්පූර්ණයෙන්ම ඔය කියන කතාව ප්‍රතික්ෂේප කරනවා. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තියෙන කණ්ඩායම් දෙක බලනවා…මෙවැනි බොළඳ කටයුතු හරහා දේශපාලනයේ සත්‍ය කරුණු හෙළිවීම වලක්වන්න පුළුවන් ද කියලා. ” යනුවෙන් සඳහන් කළා.

ප‍්‍රශ්නගත සාකච්ඡාව පැවැත්වූ දිනයේදී තමන් සාකච්ඡා මේසයට දුරකතනයක් රැගෙන නොගිය බවද වජිර අබේවර්ධන මන්තී‍්‍රවරයා එදින කෘත්‍යාධිකාරි මණ්ඩලයට සහභාගී වන විට සියලු දෙනාම දුරකථන භාර දී රැස්වීමට සහභාගී වූ බවත් චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පමණක් දුරකථනය සහිතව රැස්වීමට සහභාගි වූ බව සඳහන් කරනු ලැබුවා.

තමන්ට එරෙහිව වැරදි චෝදනා නගමින් තමන් අපහසුතාවට පත් කිරීමට උත්සාහ කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේම පිරිසක් බවටද පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන මෙහිදී පැවසුවා.