පනස් දෙකට බිංදුවක් ලෙස සජිත්ට නායකත්වය ලැබෙයි ! | Colombocall පනස් දෙකට බිංදුවක් ලෙස සජිත්ට නායකත්වය ලැබෙයි ! - Colombocall

Hot News

පනස් දෙකට බිංදුවක් ලෙස සජිත්ට නායකත්වය ලැබෙයි !





එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තීරණය කිරීමට අද පාර්ලිමේන්තු කණ්ඩායම අද පස්වරුවේ රැස්විය.
එහිදී ඉදිරි මහා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමට සජිත් ප්‍රේමදාස මහතාව ඒකමතිකව තීරණය කල බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියි.
ඔහු සටහන් කරන පරිදි පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 52කු සජිත් ප්‍රේමදාස මහතාව නායකත්වය සඳහා පිළිගෙන ඇති අතර කිසිවකු විරුධත්වය පළ කර නොමැත.
නමුත් පක්ෂ රැස්වීමෙන් පසුව එජාප මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ තවම පක්ෂ නායකත්වය ගැන තීරණයක් ගෙන නොමැති බවයි.