මොරගහකන්ද නිසා සුනාමියක් ! ජල කාන්දුව ඇත්තේ සිරස් අතට | Colombocall මොරගහකන්ද නිසා සුනාමියක් ! ජල කාන්දුව ඇත්තේ සිරස් අතට - Colombocall

Hot News

මොරගහකන්ද නිසා සුනාමියක් ! ජල කාන්දුව ඇත්තේ සිරස් අතට




මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඇති ජල කාන්දුව සුළු කොට නොතකා විදේශීය විශේෂඥ කණ්ඩායමක් ගෙන්වා ඒ පිළිබඳ පරික්ෂා කර වාර්තාවක් කැඳවිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසන්නේ එම ජල කාන්දුව සුලු කොට සලකා සිටියහොත් රට මැද සුනාමියක් වැනි ව්‍යසනයක් ඇති විය හැකි බවයි.
දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මොරගහකන්ද ජලාශය ආරම්භයේ සිටම ප්‍රශ්න සහ ගැටලු පැවති බවයි.
මේ වන විට ජලාශයේ ජල ධාරිතිවය පරාක්‍රම සමූද්‍රය මෙන් පස් ගුණයක් වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ජල කාන්දුව සිරස් අතට පැවතීම ඉතා අනතුරුදායක බවත්. මෙම පැල්ම මහ පොළවේ සිට පවතිනවාද යන්න පිළිබඳ සැකයක් පවතින බවත් කරුණාරත්න මහතා පවසනවා.