මහින්දගේ සමයේදී මාලදිවයින් පළමුසැසිය ලංකාවේ !
මාලදිවයින් මේ වසරේ පවත්වන මුල්ම අමාත්‍ය මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාවේ පවත්වා තිබෙනවා.
මෙම අමාත්‍ය මණ්ඩල හමුව ජනවාරි 01 දින පවත්වා ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයකදීයි.
මේ සඳහා මාලදිවයින් ජනාධිපති සහ කැබිනට් මණ්ඩල ප්‍රධානී ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු 20 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය සිය පවුල්වල සාමාජිකයන්ද කැටුව අහුන්ගල්ලට පැමිණ ඇති අතර ඔවුන් සඳහා එකී හෝටලයේ විශේෂ පහසුකම් සහිත කාමර 27ක් වෙන්කර තිබෙනවා.
මෙම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් 20 දෙනාගෙන් 7 දෙනෙක්ම කාන්තාවෝ වනවා. එරට ආරක්ෂක අමාත්‍ය ධුරය දරන්නේද කාන්තාවක වීම විශේෂයකි. ඇය උසා මරියා අහමඩ්ය. මාලදිවයිනේ නීතිපතිවරයාද කැබිනට් සාමාජිකයකු වීම තවත් විශේෂත්වයකි.
මෙම කැබිනට් සාමාජිකයන් මෙරටට පැමිණ නිවාඩුවක් ගතකරන අතරතුර අමාත්‍ය මණ්ඩල හමුව පවත්වා ඇති බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළා.
මාලදිවයින් කැබිනට්ටුව නවාතැන් ගෙන සිටින තරු පහේ හෝටලයට ශ්‍රී ලංකාවේ ඇමැති ආරක්ෂක අංශයෙන් විශේෂ ආරක්ෂාවක්ද සපයා තිබුණා.