සම්බාධක නොතකා ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක හමුදාවට අවි ආයුධ !
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා තිබෙන සම්බාධක නොතකා ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක හමුදාවට අවි ආයුධ සහ පතරොම් ලබාදීමට රුසියානු රජය තීරණය කර ඇත.
පසුගියදා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතාගේ නියෝජිතයෙකු ලෙස පැමිණි රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සාකච්ඡාවේදි මේ බව තීරණය වී තිබේ.
මේ අනුව ශී‍්‍ර ලංකා හමුදාව භාවිත කරන එම් අයි 16 ප්‍රවාහන හෙලිකොප්ටර්, මිග් ප්‍රහාරක යානා, යුද ටැංකි සහ වෙනත් සන්නද්ධ රථ සඳහා අමතර කොටස්ද රුසියාවෙන් සැපයෙනු ඇත.
හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ කාලයේ ඇමෙරිකාව විසින් රුසියාවෙන් අවි ආයුධ මිලයට නොගන්නා ලෙසට සම්බාධක පනවා තිබිණි.