අමෙරිකාවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පස් දෙනෙකු සොයා ගැනේ ! | Colombocall අමෙරිකාවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පස් දෙනෙකු සොයා ගැනේ ! - Colombocall

Hot News

අමෙරිකාවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පස් දෙනෙකු සොයා ගැනේ !





කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට 56 දෙනෙකු මියගොස් තිබෙනවා.
මේ අතර අමෙරිකාවෙන් එම වෛරසය ආසාදනය වූ තවත් පස් දෙනෙකු සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම වෛරසය ආසාදනයවූවන් පස් දෙනෙකු ඇමෙරිකාවෙන් සොයා ගැනුණු අතර බලධාරින් පවසන්නේ ඔවුන් සියලු දෙනා චීනයේ වූහන් නගරයේ සංචාරයක නිරතව පැමිණි අය බවයි.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්, ෆීනික්ස්, චිකාගෝ සහ සියැට්ල් ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් වාර්තා වුණා.
වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැකපළ වන දහසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව ද අමෙරිකානු බලධාරීන් සඳහන් කළා.
මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ප්‍රංශය , ජපානය , මලයාසියාව , නේපාලය , සිංගප්පූරුව , දකුණු කොරියාව , තායිවානය , තායිලන්තය , අමෙරිකාව , වියට්නාමය , කැනඩාව යන රටවල් මෙන්ම හොං කොං දේශය දක්වා පැතිර තිබෙනවා.
මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 2000 ඉක්මවා ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 2684 දෙනෙකු එය ආසාදනය වී ඇතැයි සැක පළ වේ.