රටකට අවශ්‍ය වන්නේ ආඥාදායක පාලකයන් නොවේ !
රටකට අවශ්‍ය වන්නේ ආඥාදායක පාලකයන් නොව ජනතාවට සේවය කරන ආදරය කරන පාලකයන් යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසයි.
මීගමුව වැල්ලවීදිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නව අල්තාරය ආසිරි ගැන්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඊයේ(05) කාදිනල් හිමිපාණන් එසේ කියා සිටියා.
ලෝක ඉතිහාසයේ සිටි ආඥාදායක පාලකයන් දෙදෙනකු වන ජර්මන් ජාතික ඇඩොල්ෆ් හිට්ලර් සහ රුසියානු ජාතික ස්ටාලින් පිළිබඳව ගැන එහිදී කාදිනල් හිමිපාණන් සඳහන් කළේය.
ජනතාව තෝරා ගත යුත්තේ මෙවැනි පාලකයන් නොව ජනතාව වෙනුවෙන් සේවය කරන පාලකයෝ බව ඇති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අවධාරණය කර සිටියේය.