තව දවස් දහයකින් කොරෝනා වෛරසය උපරිම මට්ටමට පත් වෙනවා ! | Colombocall තව දවස් දහයකින් කොරෝනා වෛරසය උපරිම මට්ටමට පත් වෙනවා ! - Colombocall

Hot News

තව දවස් දහයකින් කොරෝනා වෛරසය උපරිම මට්ටමට පත් වෙනවා !




නව කොරෝනා වෛරසය සතියකින් හෝ දින 10 කින් පමණ උපරිමයට පැමිණිය හැකි බව චිනයේ ප්‍රමුඛ පෙළේ ශ්වසන විශේෂඥවරයෙක් වන ෂොං නන්ෂාන් ෂින්හුවා පුවත් සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ.
"උපරිම මට්ටමට ළඟා වීම නිශ්චිතවම තක්සේරු කිරීම ඉතා අපහසුයි. නමුත් මම හිතන්නේ සතියක් හෝ දින 10 ක් තුළ එය උච්චතම අවස්ථාව කරා ළඟා වෙනු ඇති. ඉන් පසුව විශාල පරිමාණයේ වැඩිවීමක් සිදු නොවනු ඇති" ෂොං පැවසීය.
කොරොනා වෛරසය පාලනය කිරීම හා වැළැක්වීම සඳහා පිහිටුවා ඇති ජාතික විශේෂඥ කණ්ඩායමක ප්‍රධානියා ෂොන්ග් වන අතර ඔහු චීන ඉංජිනේරු ඇකඩමියේ ශාස්ත්‍රඥයෙකි.
"වසංගතය මැඩපැවැත්වීම සඳහා මාර්ග දෙකක් තිබෙනවා. එකක් කල්තියා හඳුනා ගැනීම සහ අනෙක හුදෙකලා වීමයි. ඒවා වඩාත් ප්‍රාථමික හා ඵලදායී ක්‍රමයන් වෙනවා. ඔහු පැවසීය.
“දින දහයේ සිට 14 දක්වා කාලය හුදකලා කිරීම හා නිරීක්ෂණය කිරීම සඳහා හොඳ කාල පරිච්ඡේදයක්. පුර්ව ලියාපදිංචි තක්සේරු කාලය අවසන් වූ විට, අසනීප වූවන්ට කාලෝචිත ප්‍රතිකාර ලබා ගත හැකියි.  නමුත් පරීක්ෂණ සහ හඳුනාගැනීමේ පියවර අඛණ්ඩව සිදුවිය යුතුය," ෂොං පැවසීය.
රෝහල්වල බෝවන රෝග විශේෂඥයින් යින් පමණක් නොව, රෝගීන් වඩා හොඳින් බේරා ගැනීම සඳහා දරුණු අවස්ථාවන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂඥයින් ද සිටිය යුතු බව ඔහු යෝජනා කරයි.