බෞද්ධ ආගමට ගරහන එජාපයේ ඇතැමුන් එළවිය යුතුයි ! | Colombocall බෞද්ධ ආගමට ගරහන එජාපයේ ඇතැමුන් එළවිය යුතුයි ! - Colombocall

Hot News

බෞද්ධ ආගමට ගරහන එජාපයේ ඇතැමුන් එළවිය යුතුයි !





ශ්‍රී ලංකාව සිංහල, බෞද්ධ රටක් නොවන බව පවසමින් බෞද්ධ ආගමට ගරහන එජාපයේ ඇතැමුන් වහාම පක්ෂයෙන් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ (26 ) පැවැති එ.ජා.ප. පළාත් පාලන නියෝජිත හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එමෙන්ම රාජපක්ෂවරුන් සමග ඩීල් දැමූ එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ද සිය පක්ෂයෙන් ඉවත් කළ යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපය වෙනස් කිරීමට නම් පක්ෂයේ සිටින දූෂිත පිරිස් ඉවත් කර ශක්තිමත් නව නායකයන් බිහි කළ යුතු බව ද සිංහල බෞද්ධයාට ​ළෙන්ගතු නොවී මේ රටේ දේශපාලනය කළහොත් පක්ෂයක් වශයෙන් ඉදිරියට යාමට නොහැකි බව ද එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.