පොල් කොටයක් හිසේ වැදී හිමිනමක් අපවත් වෙයි
බිබිල ටැම්ගොඩ රාජ මහා විහාරයේ විද්යානන්ද පිරිවනේ ඉගෙනුම ලබමින් සිටි හිමිනමක් අද (04) දින පන්සලේ ශ්රමදානයක නිරතව සිටියදී පොල් කොටයක් හිසේ වැදීමෙන් සිදුවු අනතුරකින් අපවත් වී තිබෙනවා.
විහාරස්ථානයේ වැඩ වාසය කළ අරවාකුඹුරේ සංඝරතන හිමියෝ (16) අනතුරින් අපවත්වුහ.
විහාරස්ථානයේ උදෑසන පැවැත් වූ ශ්රමදානයකට සහභාගි වු හිමිවරුන්ගෙන් පස් නමක්
එක්ව පොල් කොටයක් ඉවත් කිරීමට ඔසවාගෙන යද්දී කොටය බිමට වැටෙන අවස්ථාවේ අපවත්වු හිමිනමගේ හිසට වැටී තුවාල සිදුවීමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් හිසට බරපතල තුවාල සිදුවු හිමිනම බිබිල රෝහලට ගෙනයන විටත් අපවත් වී සිටි බව සඳහන්.