නොමිලේ පොහොර දෙන්න බැරිනම් සල්ලිදීලා ගන්න පොහොර දෙන්න ! | Colombocall නොමිලේ පොහොර දෙන්න බැරිනම් සල්ලිදීලා ගන්න පොහොර දෙන්න ! - Colombocall

Hot News

නොමිලේ පොහොර දෙන්න බැරිනම් සල්ලිදීලා ගන්න පොහොර දෙන්න !




ඉකුත් නොවැම්බර් මාසයේ ඇදහැළුණු වර්ෂාවත් සමග වී වගාකළ බිම් සියල්ල ජල ගැලීම් නිසා විනාශ වී ගිය බව පවසන ගොවිජනතාව දෙවන වර වී වගාව සදහා පොහොර නොමැතිව අසරණවී සිටින බව වාර්තා වෙනවා.
විශේෂයෙන්ම වෙළඳපොළ තුළ ඇතිවී තිබෙන මෙම පොහොර හිඟය නිසා මාතලේ සහ ආනුරධපුර දිස්ත්‍රික්කයන්හි වී වගාව සදහා සුදානම්ව සිටින ගොවී ජනතාව දැඩි පීඩාවකට මුහුණපා සිටිනවා.
වී ගොවි තැන සඳහා අවශ්‍ය පොහොර නොමිලයේ ලබා දෙන බව පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ආණ්ඩුව පැවසූව ද ගොවිජනතාව සඳහා නොමිලයේ කෙසේවෙතත් මුදල්වලට හෝ ලබා ගැනීමට වෙළඳපොළේ පොහොර නැති තත්වයක් උද්ගතව ඇති බව ගොවි ජනතාව පවසනවා.
කණ්ඩලම ව්‍යාපාරය, දේවහුව ව්‍යාපාරය, කලාවැව ව්‍යාපාරය, හුරුළු පෝෂිත ව්‍යාපාරය ඇතුළු ගොවි ව්‍යාපාර ගණනාවක වී ගොවිතැන සදහා තවාන් හා බිම් සකස් කරගෙන නොමිලයේ පොහොර කෙසේ වෙතත් වෙළඳ පොලේ මුදලට හෝ ලබා ගැනීමට නොහැකිවී ඇතැයි ගොවීහු මැසිවිලි නඟනවා.
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ සම්බන්ධව පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පසුගිය රජය සමයේ මිලදී ගත පොහොර වලට මුදල් ගෙවා නොමැති නිසා මේ තත්වය උද්ගත වී ඇති බවයි.
නමුත් ගොවි ජනතාව පොහොර මිටිය රුපියල 1000කට හෝ වෙළඳපොලෙන් මිලදී ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කර දෙන රජයෙන් ඉල්ලා සිටිනවා.