කොරෝනා වෛරසය ගැන දැනගන්න සරල විස්තරය මෙන්න | Colombocall කොරෝනා වෛරසය ගැන දැනගන්න සරල විස්තරය මෙන්න - Colombocall

Hot News

කොරෝනා වෛරසය ගැන දැනගන්න සරල විස්තරය මෙන්න




දැනට ශ්‍රි ලංකාවෙන් මේ ආසදිතයන් කිසිවෙක් වාර්තා වි නොමැත. නමුත් චින නව වසර උදාවන කාලයේ බොහො චීන ජාතිකයන් ශ්‍රි ලංකාව සිය විවේකි ගමනාන්තය ලෙස තොරාගත හැක.
 දැනටමත් චීනයෙන් පිටත ජපානයේ හා දකුණු කොරියාවේ ආසදියන් වර්තා වී ඇත. එ නිසා ශ්‍රි ලංකිකයන් මේ රෝගය ගැන අවධානයෙන් පසුවිම වඩාත් හොඳය.
වසංගත නිවාරණය මධ්‍යස්ථානයෙන් මේ රෝගින් ශ්‍රි ලංකාවට පැමිණියහොත් හඳුනා ගැනිමට හා ප්‍රතිකාර කිරිමටත් බෝවීම වැළක්විමටත් විශේෂ වැඩ පිළිවෙලක් ගුවන්තොටුපොළ ආශ්‍රිතව ක්‍රියවට නංවා ඇත.
පහත දැක්වෙන CNN සේවයේ ලිපියක් ඇසුරෙන් වූ රචනයේන් මේ රෝගය ගැන හා ඉන් වැළකි සිටිමට මුලික දැනුමක් ලබා ගත හැක.
කොරොනා වෛරසය – කුමක්ද, රෝග ලක්ෂණ, ප්‍රතිකාර හා වැළක්විම.
SARS වයිරස් පවුලේම තවත් වයිරසයක් ලෙස හඳුනාගෙන ඇති කොරොනා වෛරසයෙන් පසුගිය දෙසැම්බර් මස හඳුනාගත් කාලයේ සිට මේ දක්වා සිය ගණනක් ආසාධිත වී ඇත. චිනයේ වුහාන් (Wuhan) ප්‍රදේශයේ මුලුන්ම ව්‍යාප්ත වූ මෙම වයිරසය සතුන්ගේන් ආරම්භ වී පසුව මිනිසුන්ට වැළඳි ඇතැයි එය මුලින්ම හඳුනාගත් ලියො පූන් (Leo Poon) මහතා විශ්වාස කරයි.
“ඇපි ඇත්තටම දන්නේ මේ වයිරසයෙන් නියුමොනියාව වැළඳෙන බවත් හා ඉන් පසුව ප්‍රතිජීවක වලට ප්‍රතිචාර නොදක්වන බව. මේක සාමන්‍යයෙන් බලපොරොත්තු වියයුතු තත්ත්වයක්. SARS වයිසරය වැළඳුන අයගෙන් 10% පමණ මිය ගියා.” යැයි හොන්ග්කොන්ග් විශ්ව විද්‍යාලයේ වයිරස් පිලිබඳ විශේෂඥ පූන් මහතා ප්‍රකාශ කර ඇත. නමුත් මෙම වයිරසය කොතරම් භායනකද, කොතරම් ම ර ණි ය යැයිද තවම තිරණය කිරිමට අපහසු බව බොහො දෙනාගෙ මතයයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම වයිරසයට මුහුණ දිය යුතු ආකාරය, රෝගීන් හඳුනා ගැනිම හා රෝගී වුවන්ට ප්‍රතිකාර කිරිම ගැන උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
කොරොනා වෛරසය යනු කුමක්ද?
කොරොනා වෛරසය යනු සතුන් අතර බහුලව දැකගත හැකි හා බොහො ප්‍රභේද ගණනක් ඇති වයිරස් කාණ්ඩයකි. ඇමරිකානු රෝග හා වසංගත පාලන මධ්‍යස්ථානයට අනුව මෙම වයිරස් සතුන්ගෙන් මිනිසුන්ට බෝවන වයිරස් කාණ්ඩයකි.
රෝග ලක්ෂණ.
මෙහි විශේෂම රෝග ලක්ෂණය ලෙස දක්වන්නේ ස්වසන අපහසුතාව හා උණ රෝග ලක්ෂණයි. නිරතම සොටු දියර ගැලිම, කැස්ස, උගුරේ වේදනාව හා හිසරදය මෙම ලක්ෂණයි. මෙම රෝග ලක්ෂණ දින කීපයක් පවතියි. දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති වැඩිහිටි අයවලුන්ට හා කුඩා දරුවන්ට පිටතට පෙන්වන රෝග ලක්ෂණ අඩුවිය හැකි නමුත් නියුමෝනියාව සැදුනු කලෙක මෙන් දරුණු ශ්වසන අපහසුතා ඇතිවිය හැක.
මෙම වයිරසය නිසා මියයැම පවා සිදුවිය හැක.
දැනට නිශ්චිතවම දත්ත නොමැතිමුත් MERS යනුවෙන් හදුනවන 2012දි හඳුනාගත් මෙම වයිරස් කාණ්ඩයේම වයිරසයක මරණ අනුපාතය 30-40% අතර විය. වඩාත් හොඳින් අසා ඇති SARS වයිරසයේ මරණ අනුපාතිකය 0-50% දක්වා විය. බොහොවිට වයස්ගත පුද්ගලයන් මේ වයිරස්වල මරණීය ගොදුරු බවට පත්වන බව CNN පුවත් සේවය පවසයි.
රෝග ව්‍යාප්තිය
මෙම වයිරස් මුලුන්ම පැතිරෙන්නේ සතුන්ගෙන් මිනිසුන්ටය. ඉහත සඳහන් කල MERS වයිරසය ඔටුවන්ගෙන් මිනිසුන්ට බෝ වූවා යැයි විශ්වාස කරයි. SARS වයිරසය “සිවෙට් කැට්” නම් බළලුන් මර්ගයෙන් මිනිසුන්ට වැලඳුනා යැයි සැක කරයි.
මිනිසුන්ගේන් මිනිසුන්ට රෝග ව්‍යාප්තිය සිදුවන්නේ දේහ තරල (secretions) මඟිනි. කැස්ස, සොටු දියර හෝ අතට අත දීම මඟින් වුවත් මෙසේ ව්‍යාප්තිය සිදුවිය හැක. රෝගින් බලාගන්නන් රෝගින්ගේ අපද්‍රව්‍ය/මළද්‍රව්‍ය බැහැර කිරිමේදිද මෙලෙස රෝගයෙන් ආසාදනය විය හැක.
ප්‍රතිකාර හා රෝග නිවාරණය.
මෙම වයිරසය සඳහාම වු විශේෂිත වූ බෙහෙතක් නොමැත. බොහොවිට රෝග ලක්ෂණ ඉබේම පහව යයි.
උන හා වේදනාව සඳහා වෛද්‍යවරුන් විසින් බොහොවිට බෙහෙත් ලබාදේ. හුමාලය භාවිතය උගුරේ වේදනාව හා කැස්සට නිර්දේෂ කර ඇත.
ඇති තරම් දියර වර්ග භාවිතය හා විවේකිව සිටිමත් හැකිතරම් නිදාගැනිමත් රෝගය සුව විමට බෙහෙවින් උපකාරි වේයැයි CNN පුවත් සේවය දක්වා ඇත.
රෝගය වළක්වා ගැනිම.
මෙම රෝගය සඳහා මෙතෙක් කිසිම වැක්සීනයක් නිපදවා නොමැත. කෙසෙ වෙතත් MERS රෝගය සඳහා ලබාදුන් වැක්සීනයම මේ සඳහාද ගැලපෙන්නෙදැයි දැනට පරික්ෂණ පවත්වමින් සිටියි.
හොඳම ආරක්ෂණ ක්‍රමවේදය වනාහි පොදුජනයා ගැවසෙන තැන්වලින් ඇත්ව සිටිමයි. දැත් සොදා ගැනිමකින් තොරව ඇස්, නාසය කට ආදිය ස්පර්ෂ කිරිමේන් වැලකීම හා නිතරම දැත් පිරිසිදු කරගනිම රෝගය බෝ විමේන් වැළකිමට උපකාරි වේ.
එමෙන්ම ඔබට ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ තිබේ නම් කිසිම හේතුවක් මත පොදු ස්ථානවල ගැවසිම ආදිය නොකල යුතුය.
ගර්භණි මවුවරුන් හා කොරොනා වයිරසය
අවාසනාවකට ගර්භණි මවුවරුන්ට මෙම වයිරසය වඩාත් ප්‍රභලව බලපාන බවක් පෙර MERS හා SARS වයිරස් වල අත්දැකිම් ඇසුරෙන් ප්‍රකාශ වී තිබේ.
සාමන්‍ය උන තත්තවයක සිට හදිසි ග බ් සා විම් හෝ මතෘ ම ර ණ දක්වාම මේ රෝගය විනාශකාරි විය හැකිය. මේ නිසා ගර්භණි මවුවරුන් මේ ගැන ඉතා විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. තමන්ගේ වගේම දරුවාගේත් ආරක්ෂාව රඳා පවතින්නේ තමා මත බව තරයේ සිහිතබා ගනිමින් ඉහත සඳහන් කර ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාවට නැංවිය යුතුය.