ශාරුක්ඛාන්ට බෝම්බ ගහපුවා ගැන ගම්මන්පිල දන්න දේ මෙන්න !
පසු ගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ශාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණි මොහොතේ එල්ල කරන ලද බෝම්බ ප්රාහාරය පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගෙන් විමසන ලෙස ප්‍රකාශ කර සිටියා.
ඒ සම්බන්ධයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ උදය ගම්මන්පිල මහතා අදහස් දක්වමින්
“ශාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුදැයි ගම්මන්පිල මහත්තයාගෙන් අහන්න කියා රන්ජන් පැවසුවා මගෙන් අහන්න කිව්වාම සමහරු ඒක හිතාන තියෙන්නෙ බෝම්බ ගැසීම කළේ මමයි කියලා. එහෙම හිතාගෙන අද සමාජ මාධ්‍ය ජාලාවල මේවා යනවා.
කවුරු හරි මගෙන් ඇහුවොත් මට උත්තර දෙන්න තියෙන්නෙත් ඒ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන කවුරුත් දන්න ඕපාදූප කටකතා ටික පමණයි. මම ඊට වඩා වැඩිදෙයක් දන්නවා නම් කවුරුවත් අහන්න කලින් මං ඒක පොලිසියට ලබා දෙනවා. මොකද්ද මේ මං දන්න කතාව කියලා මගෙන් ඇහුවාට වැඩක් නෑ” කියා සිටියා.
එම වීඩියෝව පහතින්