රාජිත හරහා මාධ්‍යට පැමිණි සුදුවෑන් රියදුරන් වෙත මරණ තර්ජන ! | Colombocall රාජිත හරහා මාධ්‍යට පැමිණි සුදුවෑන් රියදුරන් වෙත මරණ තර්ජන ! - Colombocall

Hot News

රාජිත හරහා මාධ්‍යට පැමිණි සුදුවෑන් රියදුරන් වෙත මරණ තර්ජන !




රාජිත සේනාරත්න මහතාට සම්බන්ධ පුද්ගලයින්ගෙන් තමන්ට මරණ තර්ජන එල්ලවන බව පවසමින් සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවනවා.
ජනාධිපතිවරණයට පෙර රාජිත සේනාරත්න මහතා සංවිධානය කළ මාධ්‍ය හමුවකදී සුදු වෑන් රියදුරන් යැයි සඳහන් කළ මෙම පුද්ගලයින් දෙදෙනා අදහස් පළ කර තිබුණා.
ඔවුන් සඳහන් කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත රට තුළ සුදු වෑන් සංස්කෘතිය රට තුළ පැතිර තිබූ බවයි.
කෙසේ වෙතත් පසුව පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගත් අතර ඔවන් සඳහන් කර තිබුණේ මුදල් සහ නිවසක් ලබා දීමේ පොරොන්දුව මත තමන්ට එසේ ප්‍රකාශ කරන්නැයි බලපෑම් එල්ල වූ බවයි.
එහිදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර පසුව ඇප මත මුදා හැරුණා.