බන්ධුලගේ කුඩේ යටින් චානක ගිය කතාවේ ඇත්ත මෙන්න ! | Colombocall බන්ධුලගේ කුඩේ යටින් චානක ගිය කතාවේ ඇත්ත මෙන්න ! - Colombocall

Hot News

බන්ධුලගේ කුඩේ යටින් චානක ගිය කතාවේ ඇත්ත මෙන්න !






උසස් අධ්‍යාපන සහ සන්නිවේදන තාක්ෂණ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන පසුගිය සතියේ හම්බන්තොට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.
එහිදී මහින්ද රාජපක්ෂ රජය යටතේ එහි ඉදි කර තිබුණු සූරියවැව තොරතුරු තාක්ෂණ ගම්මානය ද මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ අධීක්ෂණයට ලක්ව තිබෙනවා.
එහි ගොඩනැගිලි වල් වැදී ඇති ආකාරය ද දැක කම්පා වූ ඇමතිවරයා එම ගොඩනැගිලි ද ප්‍රයෝජනයට ගනිමින් එම ප්‍රදේශයේ අධිතාක්ෂණ නවෝත්පාදන විශ්වවිද්‍යාලයක් සෑදීමට තීරණය කර තිබෙනවා.
මෙහිදී එම භූමිය පරීක්ෂා කිරීම සඳහා ඇමතිවරයාට කිසියම් දුරක් පයින් යාමට සිදුවූ අතර ඒ අවස්ථාවේ අව් රශ්මිය ද අධික විය. එවිට ඇමතිවරයාට කුඩයක් අල්ලන්නට පැමිණි කාර්ය මණ්ඩලයේ අයෙකුට ඇමතිවරයා කීවේ, ‘ජනාධිපතිවරයා ද තමන්ම කුඩය අල්ලාගෙන යද්දී තමන් ද එසේ කළ යුතු බව’ ය.
කෙසේවෙතත්, එම ගමනට එක්ව සිටි තරුණ මන්ත්‍රී ඩී.වී. චානක මන්ත්‍රීවරයා ඇමති බන්දුලගේ කුඩේ යටට පැන ‘මේ වගේ චාන්ස් එකක් නං ආයෙ එන්නෙ නෑ…’යි කියමින්, ඇමති බන්දුලගේ කුඩේ යටින් ගොස් තිබෙනවා.
එය දුටු බොහෝ අයට පෙනුනේ, බන්දුල ඇමතිවරයා චානක මන්ත්‍රීවරයාට කුඩේ ඇල්ලූ බවකි