තවමත් රජුන් තනන්නා මමයි ! තොණ්ඩමන් | Colombocall තවමත් රජුන් තනන්නා මමයි ! තොණ්ඩමන් - Colombocall

Hot News

තවමත් රජුන් තනන්නා මමයි ! තොණ්ඩමන්




කවුරු කුමක් කීවත් තවමත් මේ රටේ රජුන් තනන්නා තමා බව වතු, යටිතල පහසුකම් හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසනවා.
මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
වතුකරයේ ජනතාවට මුවා වී රජුන් තනන්නන් වීමට ඇතැම් පිරිස් උත්සාහ කළත් වතුකර ජනතාව එම අවස්ථාවාදී දේශපාලකයන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කළ බවද අමාත්‍යවරයා පැවසීය.
කටමැත දොඩවන ඇතැමුන් රාජ්‍ය බලය, දේශපාලන බලය, තම අමාත්‍ය බලය පෙන්වමින් ජනතාව රවටා, ඔවුන්ගේ ඡන්දය පැහැර ගැනීමට උත්සාහ කළත් පසුගිය මැතිවරණයෙන් කඳුකරයේ පළාත් පාලන ආයතන 12කින් 11කම බලය ලබාගැනීමට තමා සමත් වූ බවත්, ජනතාව සිටින්නේ කා සමගද යන්න ඉන් හෙළිවන බවත් ඔහු සඳහන් කළා.
මෙතෙක් වතුකරයේ දමිළ ජනතාවට දැනෙන සේවයක් ඉටුකළේ මහින්ද රාජපක්ෂ බවත්, මෙම අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂගේ සහායද ලබාගනිමින් එම සේවය තව තවත් ප්‍රවර්ධනය කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා කියා සිටියා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ ආකාරයෙන් වතුකර ජනතාවගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවත්, ඉදිරි තෛපොංගල් උත්සවයට පෙර ඒ සම්බන්ධයෙන් හොඳ පුවතක් අනිවාර්යයෙන් වතුකරයේ ජනතාවට ලැබෙන බවත් ඔහු අවධාරණය කළා.