කොරෝනා ගැන ජනතාව බියෙන් පසුවෙද්දී වෛද්‍ය සංගමය පඩි වැඩි කරගන්න උත්සහයක ! | Colombocall කොරෝනා ගැන ජනතාව බියෙන් පසුවෙද්දී වෛද්‍ය සංගමය පඩි වැඩි කරගන්න උත්සහයක ! - Colombocall

Hot News

කොරෝනා ගැන ජනතාව බියෙන් පසුවෙද්දී වෛද්‍ය සංගමය පඩි වැඩි කරගන්න උත්සහයක !




පැතිර යන කොරෝනා ‌වෛරසය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ(27) මාධ්‍ය හමුවක් පැවැත්වුවා.
රෝගය පිළිබඳව හා එය පැතිර යන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කල ඔවුන් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලබා දීමට යෝජනා 6ක් සුදානම් කර ඇති බව පැවසුවා.
එහිදී අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ.
නව කොරෝනා වෛරසය වැළඳුණු හෝ වැළඳුණු බවට සැක කරන අවදානම් කාණ්ඩයන් සමඟ කටයුතු කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කරන කැපකිරීම වෙනුවෙන් යම් දිරි ගැන්වීමක් කිරීම සඳහා ප්‍රතිලාභයක් ලබාදීමට අවශ්‍ය වටපිටාව සොයා බලන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලයි.
එය ආර්ථික ප්‍රතිලාභයක් හෝ වෙනත් ප්‍රතිලාභයක් විය හැකි බවයි එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ.
“චීනයේ අවුරුද්ද ගත කරන්න ලංකාවෙන් ගිය චීන ශ්‍රමිකයින් නැවත ලංකාවට එන්න නියමිතයි. නමුත් අපි මෙතන පෙර සූදානම ඇති කරලා තමයි ඒ අය ගෙන්නන්න ඕනෙ. ඒක තනිකර අර තර්මල් ස්කෑන් මැෂින් තුනකට බාරදීලා අපට බලාගෙන ඉන්න බෑ. සක්‍රිය මට්ටමෙන් ආවේක්ෂණ කටයුතු විය යුතුයි, ඒ සඳහා ගුවන් තොටුපළේ දැනට තියෙන පහසුකම් වැඩිදියුණු විය යුතුමයි.
ඊළඟ කාරණේ තමයි දැන් මේ විදියට රෝගීන් එන්න ගත්තොත් එහෙම – දැනටත් මේ ගැන සමාජ මතයක් හැදිලා තියෙනවා – සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා දෙන්න පුළුවන් අවම පහසුකම්වත් අඩුම ගාණේ ස්ථාපිත කරන්න කියන එක.
ඊළඟ කාරණේ විදියට අපි යෝජනා මේ අවදානම් කාණ්ඩය එක්ක හැසිරෙන සෞඛ්‍ය සේවකයින්ට, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තමන් කරන කැපවීම වෙනුවෙන් යම් දිරිගැන්වීමක් කරන්න අවශ්‍ය කරන යම් ප්‍රතිලාභයක් ඒ අයට ලැබෙන්න – ඒක ආර්ථික ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනම ප්‍රතිලාභයක් වෙන්න පුළුවන් – ඒ ප්‍රතිලාභය ඒ අයට ලබාදෙන්න අවශ්‍ය වටපිටාව මොකද්ද කියන එක සම්බන්ධයෙන් හොයන්න කියන එක” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය