උඩවලව කොටියාගේ ඝාතනය සම්බන්ධයෙන් හතරක් දැලේ ! | Colombocall උඩවලව කොටියාගේ ඝාතනය සම්බන්ධයෙන් හතරක් දැලේ ! - Colombocall

Hot News

උඩවලව කොටියාගේ ඝාතනය සම්බන්ධයෙන් හතරක් දැලේ !




උඩවලව ජාතික වනෝද්‍යානයට යාබද ප්‍රදේශයකදී කොටියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සහ වනජිවි නිලධාරින් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඊයේ (05) මොවුන් මෙලෙස අත්අඩංගුවට ගත්තා.

මොවුන්උඩවලව, නෙලුම්වැව ප්‍රදේශයේ පදිංචි දඩයක්කරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

ඝාතනයට ලක්වූ මෙම කොටියාගේ සිරුර සොයා ගනු ලැබුවේ පසුගිය බ්‍රහස්පතින්දායි.

කොටියාගේ දත් ගලවා, ඉදිරි පාද ද කපා ඉවත් කර සිරුරට දැඩි ලෙස හානි සිදුකර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී තිබුණා.

කෙසේ වෙතත්, තමන් වනසතුන් දඩයම් කිරිමට යොදා ගත් මද්දක පැටලී මෙම කොටියා ඝාතනය වී ඇති බව සැකකරුවන් පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.