ජනපතිගේ නියෝගය නොසලකා බැංකු හිතුමනාපෙට වැඩ !
සුළු හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යාපාරවල අක්‍රීය ණය ගෙවීම වසරක කාලයකට අත්හිටුවන ලෙසත් ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීම් නොකරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා උපදෙස්දු ලබා දී තිබුණා.
නමුත් ඇතැම් බැංකු සහ මුල්‍ය ආයතන එම උපදෙස් පිළිනොපදින බවයි වාර්තාවන්නේ.
ණය ගෙවීම් ප්‍රමාද වී ඇති ව්‍යාපාරිකයන්ගේ දේපළ වෙන්දේසිය මේ වනවිටත් සිදුකරගෙන යන බව සඳහන්.
නොගෙවූ පොළිය ඇතුළුව මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ මාස 12ක ණය අත්හිටුවීමට රජය සහ මහ බැංකුව මීට පෙර සැලසුම් කර තිබුණා.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ආරක්ෂා කිරීම සඳහා සහායවීම සහ බැංකු හා බැංකු නොවන අංශ ආරක්ෂා කිරීම ජනාධිපතිවරයාගේ අදහස වුණා.