ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් අපට තියනවා ! | Colombocall ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් අපට තියනවා ! - Colombocall

Hot News

ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් අපට තියනවා !






ලොව පුරා පිහිටි පාර්ලිමේන්තු 170 ක් අතරින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉතා උසස් තත්ත්වයට පත්ව ඇති බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

එය මේ වන විට ලොව ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බවට පත්ව ඇති බවයි කථානායකවරයා පෙන්වා දෙන්නේ.

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලය නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ උත්සවයට අද (01) එක් වෙමින් ඒ මහතා මෙම අදහස් කළ කළා.

2015 සැප්තැම්බර් මාසයේ තමා කථානායක ධූරයට පත්වන විට සිදු කළ ප්‍රාර්ථනාවක් වූයේ පාර්ලිමේන්තුව තුළ සහෝදරත්වය ඇතිකිරීම සහ, එකම පවුලක් ලෙස කටයුතු කිරීම බවත් ආපසූ හැරී බැලීමේදී ඒ පිළිබදව සතුටු විය හැකි බවත් කථානායකවරයා එහිදී කියා සිටියා.

මහ මැතිවරනයෙන් අනතුරුව නව කථානායකවරයෙක් පත් විය හැකි බවත්, එතුමා මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බවත් කථානායක කරූ ජයසුරිය මහතා එහිදී සඳහන් කළා.