තාම බොරු කොන්ඩය භාරදීලා නෑ ! | Colombocall තාම බොරු කොන්ඩය භාරදීලා නෑ ! - Colombocall

Hot News

තාම බොරු කොන්ඩය භාරදීලා නෑ !




රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිය බොරු කොණ්ඩය මෙතෙක් මැගසින් බන්ධනාගාර ගබඩාවට බාරදී නොමැති බව එම බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.
බන්ධනාගාර ආඥා පනතට අනුව සිරගත වන හෝ රිමාන්ඩ් භාරයට පත්වන ඕනෑම අයකු බන්ධනාගාරයට ඇතුළු වන අවස්ථාවේදීම සිය බොරු කොණ්ඩ, බොරු දත්, මිල මුදල්, රන් ආභරණ මෙන්ම කෘත්‍රිම අත් පා ගලවා ඒවා ගබඩාවට භාරදිය යුතු බවයි එම නිලධාරීන් පවසන්නේ.
කෙසේ වෙතත් රන්ජන් රාමනායක බන්ධනාගාරගතවූ ඉකුත් 15දා  සිය බොරු කොණ්ඩය ගලවා නොමැති අතර බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාර නීතිය පහදා දී අවවාද කිරීමෙන් පසුව එය ගලවා දමා ඇතත් එය ඔහු රඳවා සිටින පී සිරකුටියේ තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.