මිනියක් බලන්න ගිහින් තෙරපීමෙන් 35 ක් මියයයි | Colombocall මිනියක් බලන්න ගිහින් තෙරපීමෙන් 35 ක් මියයයි - Colombocall

Hot News

මිනියක් බලන්න ගිහින් තෙරපීමෙන් 35 ක් මියයයි





ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයේ සිදුවූ තෙරපිමකින් පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් තවත් 48 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
විදෙස් වාර්තා පැවසුවේ භූමදාන කටයුතු සඳහා මියගිය මේජර් ජෙනරාල්වරයාගේ දේහය ඔහුගේ උපන් ගම වන කර්මන් වෙත රැගෙන ආ බවයි.
මෙම අවස්ථාව සඳහා ඉරාන වැසියන් මිලියන ගණනක් සහභාගී වී තිබුණා.
ඔවුන් අමෙරිකානු විරෝධී වැකි පවසමින් වීදිපුරා ගමන් කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 
මේ අතර අමෙරිකානු හමුදාව, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා.
මේජර් ජෙනරාල් කසීම් සුලෙයිමානි ඉරාකයේ බැග්ඩෑඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පසුගියදා අමෙරිකාව එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ඝාතනයට ලක්වුනා. .