ජනතා විමුක්ති පෙරමුණ 3% නැති කරගන්න හැටි බලන්න ආසාවෙන් ඉන්නෙ ! | Colombocall ජනතා විමුක්ති පෙරමුණ 3% නැති කරගන්න හැටි බලන්න ආසාවෙන් ඉන්නෙ ! - Colombocall

Hot News

ජනතා විමුක්ති පෙරමුණ 3% නැති කරගන්න හැටි බලන්න ආසාවෙන් ඉන්නෙ !








සිය පුතු විභූති චීනයේ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යත්වයක් ලැබ එහි ඉගෙනුම ලබන බවත් කොරෝනා වෛරසය නිසා ලංකාවට ගෙන්වාගන්නට මුල්ම යානය සිචුවාන් යැවුවේ තම පුතා නිසා නොවන බවත් ඒ වනවිටත් පුතා ලංකාවේ බවත් අමාත්‍ය විමල් වීරවංශ සිය ෆේස් බුක් පිටුවේ පණිවිඩයක් සටහන් කර තිබේ.
මෙවැනි ප්‍රකාශ ජනතා විමුක්ති පෙරමුණේ සියයට තුනේ මඩ ලෙස ඔහු පෙන්වා දෙයි
දරුවන් ගාවාගෙන මඩ ගැසීම…!
චීනයේ ඇති වූ අර්බුදකාරි තත්ත්වය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, චීනයේ සිටින සිසු සිසුවියන් ඇතුළු සියලු ලාංකිකයන් නැවත ලංකාවට රැගෙන ඒමට, ගනු ලැබූ කඩිනම් පියවර සියලුදෙනාගේම පාහේ ප්‍රසාදයට ලක්විය. එම නිසා කලබල වූ සීයට තුනේ රතු අලි ජනාධිපතිතුමන් ගත් එම තීරණය හෑල්ලුවට ලක් කිරීමට ක්‍රමයක් කල්පනා කළේය. ඒ සදහා මෙම සීයට තුනේ කුහක රතු අලි අල්ලාගෙන තිබෙනුයේ මගේ පුතාව ය. මගේ පුතා චීනයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන බැවින් ආණ්ඩුව මෙතරම් වේගයෙන් ක්‍රියාත්මක වූයේ “විමල්ගේ පුතා බේරාගැනීමට ” යන පුවත කරළියට එන්නේ ඒ අනුව ය .
වදවීගෙන යාමේ තර්ජනයට මුහුණ දී සිටින සීයට තුනේ රතු අලි හා NGO කාක්කන්ගේ අවබෝධය පිණිස නොව, හුදී ජනයාගේ දැනගැනීම පිණිස එහි සත්‍ය තත්ත්වය මෙසේ පැහැදිලි කරමි.
මගේ පුත් විභූති චීනයේ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යත්වයක් ලැබ එහි ඉගෙනුම ලබන බව සත්‍යයකි. චීනයේ අලුත් අවුරුද්ද වෙනුවෙන් විභූති ඉගෙනුම ලැබූ විශ්වවිද්‍යාලය දරුවන්ට නිවාඩු දුන්නේ පසුගිය ජනවාරි 8 ය. ඒ අනුව විභූති ජනවාරි 9 වැනිදා පාන්දර ශ්‍රීලංකාවට පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් යානයකිනි. චීනයේ කොරෝනා ප්‍රශ්නය උදගත වන විට විභූති ඉන්නේ ලංකාවේ ය. මේ මොහොතේ ද ඉන්නේ ලංකාවේ ය. සත්‍ය සැක හැර දැනගැනීමේ පිපාසාවකින් යමෙකු පෙලෙන්නේනම් ඔහු හෝ ඇය කළයුත්තේ ජනවාරි 9 පාන්දර චීනයේ සිට ලංකාවට පැමිණි ශ්‍රීලංකන් ගුවන්සේවයට අයත් ගුවන් යානයේ තොරතුරු සොයා බැලීම ය. පැමිණි මගීන් පිළිබඳ තොරතුරු විමසා බැලීම ය.
දරුවන් පවා සම්බන්ධ කර ගනිමින් බොරු පතුරුවන සීයට තුනේ කුහක රතු අලි හා NGO කල්ලි වෙතින් මීට වඩා වෙනස් භූමිකාවක් අප අපේක්ෂා කරනුයේ නැත. ඔය ලෙසම ගොස් තියෙන තුන ද නැති කර ගන්නා අයුරු අප බලාසිටිනුයේ නොමද සතුටෙනි.