කැස්බෑවන් 24ක් මරා මස් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කොටු | Colombocall කැස්බෑවන් 24ක් මරා මස් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කොටු - Colombocall

Hot News

කැස්බෑවන් 24ක් මරා මස් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු කොටු




කැස්බෑවන් 24ක් මරා මස් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු වෙන්නප්පුව-උල්හිටියාව මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (25) පෙරවරුවේ දීයි වෙන්නපුව පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.
සැකකරුවන් සතුව තිබී කැස්බෑ මස් කිලෝ ග්‍රෑම් 75යි ග්‍රෑම් 500 ක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව-උල්හිටියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සහ කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කැස්බෑවන් අල්ලා ගොඩට ගෙන ආ බව කියන බෝට්ටුවෙන් එක් සැකකරුවෙකු පලා ගොස් ඇති බව සඳහන්.