22 තරුණියට වෙඩි තියලා ! ප්‍රේම සබඳතාවට අම්මා විරුද්ධත් වෙලා
වරකාපොල ගනේගම පිහිටි නිවසක සිටි මවකට සහ ඇයගේ දියණියට වෙඩි තබා තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් 22 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ මව වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අද(14) උදෑසන 5.30 පමණ මෙම ඛේදවාචකය සිදු වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ, දියණියගේ ප්‍රේම සම්බන්ධතාවයට මවගේ අකමැත්තක් තිබූ බව අනාවරණය වූ බවයි.
කෙසේවෙතත් වෙඩි තැබීම සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් මෙතෙක් හෙළිකර ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලීසිය සඳහන් කළේ.