පාප් වහන්සේට තරහ ගිය වීඩියෝව 2020 කළඹයි ! VIDEO
නව වසර සඳහා දේව මෙහෙයට සහභාගී වීමට සහ සුබ පැතුම් එක් කිරීමට වතිකානුවට බොහෝ දෙනෙකු එකතු වී සිටියේය.
රැස්ව සිටි ජනතාවට සුබ පතමින් ඔවුන් ආශීර්වාද කරමින් ඔවුන් අතර ගමන් කළ ශුද්ධෝත්තම පියතුමන්ට මුහුණ දීමට සිදුවන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර් ජාලයට නිකුත්ව තිබෙනවා.
කුඩා දරුවන්ට ආශීර්වාද කරමින් ගමන් කරන ශුද්ධෝත්තම පියතුමන්ගේ අතින් ඉතා තදින් අදින කාන්තාවක් දෙවරක් සුදතුම් පියතුමන්ව තම වෙත ඇද ගන්නට උත්සහ කරනවා එහිදී දැඩි අපහසුතාවකට ලක් වන ශුද්ධෝත්තම පියතුමා දෙවරක් අත ගසා දැමුවත් ඇය තදින් අත අල්ලා සිටින හෙයින් ඇයගේ අතට පහරක් එල්ල කරන ශුද්ධෝත්තම පියතුමා එතනින් ඉවත්ව යනවා.
ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ එම ධුරයට තෝරා පත් කරගත් දින පටන්ම ආවේගශීලිව කටයුතු කළ අවස්ථාවක් කෙදිනකවත් වාර්තා නොවුන අතර මෙම අවස්ථාවේදී එතුමාණන්ගේ මුහුණේ නිතරම දකින සිනහව හා සතුට දක්නට නොහැකි විය.